Gossips

දන්සැල් ලියාපදිංචිය ඇරඹේ

අධි පොසොන් පොහොය නිමිති කරගෙන පැවැත්වෙන දන්සැල් ලියාපදිංචි කිරීමේ කටයුතු මේ දිනවල සිදුකෙරෙන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.
එහි ලේකම් බී.එම්.එම්. බාලසූරිය කියා සිටියේ ඉන් අනතුරුව අදාළ දන්සැල් පරීක්ෂා කිරීමේ කටයුතු සිදුකරන බවයි.
එමෙන්ම පොහොය දිනයේ දන්සැල් පැවැත්වීමේදී සෞඛ්‍ය ආරක්ෂිත භාවය පිළිබඳව සැළකිලිමත් වන ලෙසයි ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ පුහුණු කිරීමේ නිලධාරීනී පුෂ්පා රම්‍යානි සොයිසා ඉල්ලා සිටියේ.