Gossips

දන්සැල් පරීක්ෂාව අද

මෙවර වෙසක් උත්සවය වෙනුවෙන් දිවයින පුරා දන්සැල් පරීක්ෂා කිරීම අද සිට ආරම්භ වනවා.
දන්සැල් 2625 ක් මේ වනවිට ලියාපදිංචි වී ඇති බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ප්‍රකාශ කළේ.
එහි ලේකම් බී.එම්.එම්. බාලසූරිය හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ දන්සැල් පවත්වන පුද්ගලයින් ආහාර වල ගුණාත්මකභාවය පිළිබදව දැඩි සැලකිල්ලක් දැක්විය යුතු බවයි.