Gossips

දන්සල්වලට ටින් මාළු භාවිතයේදී සැළකිලිමත්වන්නැයි උපදෙස්

එළඹෙන පොසොන් සමයේ දන්සල් සඳහා ටින් මාළු ලබාගැනීමේදී වඩාත් සැළකිලිමත් වන ලෙස ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය දන්සල් සංවිධායකයන්ගෙන් ඉල්ලීමක් කරනවා.
එහි සභාපති උපුල් රෝහණ සඳහන් කළේ පසුගිය කාලසීමාව තුළ සිදුකළ වැටලීම්වලින් පරිභෝජනයට නුසුදුසු ටින් මාළු තොග රැසක් හමුවූ බවයි.
එම ටින් මාළු තවදුරටත් වෙළඳපොලේ පැවතිය හැකි බව ඔහු ප්‍රකාශ කළා.