Gossips

දඩ වැඩි කළාට ප්‍රවාහන සංගම් මානව හිමිකම් කොමිසමට යයි

රථ වාහන වැරදි සඳහා අය කෙරෙන නව ස්ථානීය දඩ මුදලට එරෙහිව බස් සංගම් සහ සමස්ත ලංකා යතුරුපැදිකරුවන්ගේ සංගමය ඇතුළු තවත් සංවිධාන කිහිපයක් මානව හිමිකම් කොමිසම වෙත අද (16) පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට නියමිතයි.
ඊයේ (15) සිට ක්‍රියාත්මක මෙම නව ස්ථානීය දඩ මුදලට අනුව අධික වේගයෙන් රිය ධාවනය සඳහා පනවා තිබූ රුපියල් දහසේ දඩ මුදල රුපියල් 3000 දක්වා වැඩි වනු ඇති.
එමෙන්ම මාර්ග නීති උල්ලංගණය කරමින් රථ වාහන ධාවනය කිරීමට අදාළව පැවති රුපියල් 1000සේ දඩය රුපියල් 2000 දක්වා මේ යටතේ ඉහළ නැංවෙනවා.
මෙලෙස දඩ මුදල් වැඩි කිරීම හරහා මිලියන 6.9 ක් වන රියදුරන් අපහසුතාවට පත්වන බවයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න සඳහන් කළේ.