Gossips

දඩ මස් කිලෝ 24 ක් සමග සැකකරුවන් 3 ක් අත්අඩංගුවට

අම්පාර පියංගල රක්ෂිතයේ සිදුකළ මෙහෙයුමකදී මස් තොගයක් සමග සැකකරුවන් 3 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ගලපිටගල වනජීවී නිලධාරීන් වැටලීම සිදුකර ඇති අතර එහිදී මීමන්නන්ගේ මස්, හා මස්, ගෝන මස්, තලගොයින්ගේ මස් ඇතුලුව මස් කිලෝ 38 ක් සොයාගෙන ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
වැටලීම සිදුකරන අවස්ථාවේ සැකකරුවන් 7 දෙනෙකු සිට ඇති අතර ඉන් 4 දෙනෙකු පළාගොස් තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් 3 දෙනා අම්පාර මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 17 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුනා.