Gossips

දඩ කාගෙන ලැබූ ජය

ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර පසුගියදා (10) ජොහැන්නස්බර්ග්හිදී පැවැති එක්දින තරඟය ජය ගන්නට දකුණු අප්‍රිකාව සමත් වුණා.
ඩක්වත් ලුවිස් න්‍යායට අනුව දකුණු අප්‍රිකාව මෙම තරඟය ජය ගත්තේ කඩුලු 05 කින්.
තරඟයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම පන්දුවාර කඩුලු 07කට රැස්කළ ලකුණු සංඛ්‍යාව 289ක්.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකානු කණ්ඩායම ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ජයග්‍රහණය සඳහා පන්දු වාර 28ක් තුල ලකුණු 202ක ඉලක්කයක් හිමිවුණා.
එම ඉලක්කය පන්දුවාර 25යි පන්දු 03 ක් තුල පසුකර යමින් දකුණු අප්‍රිකාව දෙරට අතර පැවති සිව් වන එක්දින තරඟය ජයගත්තා.
මෙම තරඟයේදී නියමිත වේලාවට පන්දු ඕවර සංඛ්‍යාව යවා නිම කිරීමට අපොහොසත් වීම හේතුවෙන් දකුණු අප්‍රිකානු කණ්ඩායමට තරඟ මුදලින් 10% ක් දඩ වශයෙන් අයකර ගැනීමට අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබෙනවා.
මෙහිදී දකුණු අප්‍රිකානු කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ ඒඩන් මර්ක්‍රම්ගේ තරඟ ගාස්තුවෙන් 20% ක් අයකර ගැනීමටයි තරඟ ලෙස කටයුතුකළ තීරක ඇන්ඩි පයික්‍රොෆ්ට් තීරණය කර ඇත්තේ.
තවත් මාස 12 ක කාල සීමාවක් ඇතුළත මර්ක්‍රම්ගේ නායකත්වය යටතේ දකුණු අප්‍රිකානු කණ්ඩායම මෙලෙස මන්දගාමී පන්දු යැවීමක නිරත වීමේ වරදට හසුවුව හොත් මර්ක්‍රම්ට තරඟ තහනමකට ලක්වීමටද සිදුවනවා.
ජයග්‍රාහී දකුණු අප්‍රිකානු ඉනිම පහතින්.