Gossips

දඩල්ල වෙරළේ වැටකෙයියා පඳුරක ගෙල වැළලාගත් තරුණියකගේ සිරුරක්

ගාල්ල – දඩල්ල මුහුදු වෙරළේ වැටකෙයියා පඳුරක ගෙළ වැළලාගෙන මියගිය බවට සැකකළ හැකි තරුණියකගේ සිරුරක්ද පොලීසිය සොයාගෙන තිබුණා.
ගාල්ල පොලීසියේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ ඇය ගොඩකවෙල ප්‍රදේශයේ පදිංචිකාරිනියක බවට මේ වනවිට තොරතුරු අනාවරණ වී ඇති බවයි.
අප වාර්තාකරු සඳහන් කළේ මෙම තරුණිය පසුගිය දිනක තරුණයෙකු සමග නිවසින් පිටව ගොස් ඇති බවට තොරතුරු අනාවරණ වී ඇති බවයි.
ඇයගේ ගමන් බෑගයේ තිබු හැඳුනුම්පත ඇයගේ සහෝදරියකට අයත් එකක් බව ද සඳහන්.