Gossips

දඩල්ලේ මංජු සමඟ සිටියදී අත්අඩංගුවට ගත් දෙදෙනා සංවිධානාත්මක අපරාධ කොට්ඨාශයට

පාතාල කල්ලි නායකයෙකු වන දඩල්ලගේ මංජු හෙවත් ඩී.මංජු සමඟ සිටියදී පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගත් අනෙක් සැකකරුවන් දෙදෙනා වැඩිදුර විමර්ශන කටයුතු සඳහා සංවිධානාත්මක අපරාධ කොට්ඨාශයට භාරදී තිබෙනවා.
එහි උසස් නිලධාරියෙකු හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී කියා සිටියේ සැකකරුවන් අද දිනයේදී අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවයි.
ඔවුන් වත්තල සහ මාතලේ ප්‍රදේශවල පදිංචි 28 සහ 50 යන වයස්වල පදිංචිකරුවන් බවටයි වැඩිදුර විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.
වත්තල – ශාන්ත ආනා දේවස්ථාන භූමියේදී දඩල්ලගේ මංජු හෙවත් ඩී.මංජු නැමැති පාතාල සාමාජිකයා ඊයේ මිය ගියේ විශේෂ කාර්ය බලකාය සමඟ ඇති වූ වෙඩි හුවමාරුවකදියි.
පසුව කළ පරීක්ෂාවකදී ඔහු රැදී සිටි වෑන් රථයේ තිබී මිලිමීටර් 9 වර්ගයේ ස්වයංක්‍රීය පිස්තෝලයක් ද සොයාගෙන තිබුණා.
මනුෂ්‍ය ඝාතන රැසක සැකකරු වන ඩී.මංජු බස්නාහිර පළාතේ ප්‍රදේශ රැසක මත්කුඩු බෙදා හැරීම සිදුකරගෙන ගොස් තිබූ බව සඳහන්. මොහු, පසුගිය 15 වනදා මෝදර වැල්ල ප්‍රදේශයේදී කාන්තාවකට වෙඩි තබා තුවාල සිදු කිරිමේ සිද්ධියට චෝදනා එල්ල වූ වැල්ලේ සුදා නැමති පාතාල සාමාජිකයාගේ සමීපතමයෙකු ලෙස ද සැලකෙනවා.