Gossips

දකුණ සහ ඌව වී මිලදීගන්න සුදානම්

දකුණ සහ ඌව පළාත්වල වී මිලදී ගැනීමට වී අලෙවි මණ්ඩලය කටයුතු සුදානම් කර තිබෙනවා.
ඒ අනුව බදුල්ල, මොණරාගල, හම්බන්තොට, ගාල්ල, සහ මාතර යන දිස්ත්‍රික්කවල වී මිලදී ගැනීම සඳහා මුදල් වෙන් කර ඇති බවයි වී අලෙවි මණ්ඩලය සඳහන් කළේ.
ගබඩා පහසුකම් පුළුල් කරමින් අදාළ කටයුතු කඩිනමින් සිදුකරන ලෙස අදාළ නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇති බවයි වී අලෙවි මණ්ඩලයේ උසස් නිලධාරියෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.