Gossips

දකුණේ සුළං වේගය ඉහළට

ඌව සහ නැගෙනහිර පළාත්වල මෙන්ම මුලතිව් දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට අද පස්වරු 2න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ මධ්‍යම, සබරගමුව පළාත්වල මෙන්ම කළුතර සහ මාතර දිස්ත්‍රික්කවලට සිහින් වැසි වාර කිහිපයක් අද දිනය තුළ අපේක්ෂා කරන බවයි.
මේ අතර, දකුණු පළාත තුළ පැයට කිලෝමීටර් 40ත්, 50ත් දක්වා සුළඟේ වේගය ඉහළ යා හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.