දකුණු පළාතේ හික්කඩුව සහ තංගල්ල යන ප්‍රදේශවල ඊයේ (23) දිනයේදී පැය 3ක් තුළ සිදුවූ වෙඩි තැබීම්වලට හේතු වී ඇත්තේ පෞද්ගලික ආරවුල් බවට අනාවරණ වී තිබෙනවා.
හික්කඩුව – බද්දේගම පාර, තැපැල් කාර්යාලය අසළදී ඊයේ (23) පස්වරු 2.50ට පමණ මාර්ගයේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට, යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු මෙම වෙඩි තැබීම සිදුකර පළා ගොස් තිබුණා.
මිය ගිය පුද්ගලයා හික්කඩුව – තෙල්වත්ත ප්‍රදේශයේ පදිංචි ලලිත් ක්‍රිෂාන්ත හෙවත් පොඩි කළු මහත්තයා නැමැති 34 හැවිරිදි අයෙක්.
මේ අතර, තංගල්ල – වැලිආර – නෙටොල්පිටිය – වාඩිගල ඇඟළුම් කර්මාන්තශාලාව ආසන්නයේදී ද ඊයේ (23) පෙරවරු 11.15ට පමණ සිදුවූ වෙඩි තැබීමකින් ද ව්‍යාපාරිකයෙකු ජීවිතක්ෂයට පත්වුණා.
ෆුල්ෆේස් හෙල්මට් පැළඳ යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසිනුයි මෙම වෙඩි තැබීම සිදුකර පළා ගොස් තිබුණේ.
සිද්ධියෙන් මිය ගියේ 42 හැවිරිදි වැලිආර ප්‍රදේශයේ රථ වාහන සේවා මධ්‍යස්ථානයක හිමිකරුවෙක්.
