Gossips

දකුණේ ලංගම සේවකයින් තුන්වන දිනටත් වර්ජනයේ

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ දකුණු පළාතේ සියලූම බස් රථ සේවකයින් ආරම්භ කර ඇති වැඩ වර්ජනය අද තුන්වන දිනටත් ක්‍රියාත්මකයි.
2015 වසරේ රජයේ සේවකයන්ට ලබාදුන් රුපියල් 10,000ක දීමනාව, තවත් දීමනාවක් ලෙස නොව, වැටුපට එකතු කරන ලෙස ඉල්ලමිනුයි ඔවුන් මෙම වර්ජනය ආරම්භ කර ඇත්තේ.
අප වාර්තාකරුවන් සඳහන් කළේ වර්ජනය හේතුවෙන් පාසල් සිසුන් සහ කාර්යාල සේවකයන් දැඩි අපහසුතාවට පත්ව සිටි බවයි. මේ අතර, වර්ජනයට එක්ව සිටින ගමනාගමන මණ්ඩලයේ සේවක අද දහවල් ගාල්ල ඩිපෝවේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක ද නිරත වුණා.