Gossips

දකුණේ මාෆියාවක් ගැන හෝටල් හිමියන් හෙළිකරයි

මෙරට දේශපාලනඥයන්ගේ අනුග්‍රහය යටතේ සංචාරකයන්ට හිංසා කිරීමට මාෆියාවක් දකුණේ නිර්මාණය වී ඇති බව හෝටල් සංගමයේ සභාපති සනත් උක්වත්ත මහතා පවසනවා.
උක්වත්ත මහතා මේ අදහස් පළ කළේ සංචාරක සංවර්ධන අධිකාරියේ අද පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.
ගාල්ල – මිරිස්ස පෞද්ගලික අවන්හලකදී පසුගිය 8 වැනිදා සංචාරක කාන්තාවකට ලිංගික අතවර සිදු කිරීම හා ඕලන්ද ජාතික සංචාරයෙකුට පහර දීමේ සිද්ධියකට ගනු ලැබූ පියවර පිළිබඳ දැනුවත් කිරීමට මෙම ප්‍රවෘත්ති සාකච්ඡාව කැඳවා තිබුණා.
ඊට සංචාරක සංවර්ධන අමාත්‍ය ජෝන් අමරතුංග, හෝටල් සංගමයේ නිලධාරීන් හා පොලිස් නිලධාරීන් පිරිසක් ද එක්ව සිටියා.