Gossips

දකුණේ උණ, සබරගමුවටත්

ඉන්ෆ්ලූවෙන්සා උණ රෝගය වැළදුනු බවට සැකකෙරෙන රෝගීන් 30 දෙනෙකු ඇඹිලිපිිටිය රෝහලේ ප්‍රතිකාර ලබන බව එහි වෛද්‍ය අධිකාරි එන්.එස්.ධර්මතිලක පවසනවා.
දකුණු පළාතේ මේ වනවිට ඉන්ෆ්ලූවෙන්සා වෛරසය වැළඳුණු රෝගීන් 2500 ක් පමණ හමුවී ඇති බවයි සෞඛ්‍ය අංශ මීට පෙර සදහන් කළේ.
මේ අතර, සබරගමුව පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර ද කියා සිටියේ දකුණේ උණ රෝගය සබරගමුව පළාතටත් ව්‍යාප්තවීම මේ වනවිට ආරම්භ වී ඇති බවයි.