දකුණු පළාත තුළ පැතිර යන වෛරස් උණ රෝගය නිව්මෝනියා තත්වයක් බව කරාපිටිය ශික්ෂණ රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය අරුණ ද සිල්වා පවසනවා.
ඉන්ෆ්ලූවෙන්සා සහ ඇඩිනෝ යන වෛරස්වලින් ඇතිවන මෙම නිව්මෝනියා තත්ත්වය විශේෂයෙන් අවුරුදු 3 ට අඩු දරුවන්ට බරපතල ලෙස වැළඳී ඇති බවයි ඔහු සඳහන් කළේ.
