Gossips

දකුණේ උණ රෝගය පාලනයට අවශ්‍ය ඖෂධ, ටෙන්ඩර්වලින් තොරව මිලදී ගැනීමට අනුමැතිය

දකුණු පළාතේ පැතිර යන උණ රෝගය පාලනය කිරීමට අවශ්‍ය ඖෂධ වර්ග ඇතුළු අනෙකුත් ද්‍රව්‍ය ටෙන්ඩර් පටිපාටියකින් තොරව මිලදී ගැනීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.
ජනාධිපති ලේකම් කාර්යාලයේදී අමාත්‍ය මණ්ඩල රැස්වීම අද පෙරවරුවේ පැවති අතර එහිදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසිනුයි අදාළ කැබිනට් පත්‍රිකාව, ඉදිරිපත් කර ඇත්තේ.
මේ අතර මෙම උණ රෝගය හේතුවෙන් වසා දැමුණු දකුණු පළාතේ උඩුගම, මොරවක, ගාල්ල, මාතර, මුලටියන, අකුරැස්ස, තංගල්ල, වලස්මුල්ල යන අධ්‍යාපන කලාප 08ට අයත් පාසල්වල ප්‍රාථමික අංශ අධ්‍යයන කටයුතු සඳහා අද යළි විවෘත කෙරුණා.
කෙසේ වෙතත් සිසුන්ගේ පැමිණීමේ අඩුවක් දක්නට ලැබුණු බවයි ප්‍රදේශයේ හිරු වාර්තාකරුවන් කියා සිටියේ.