Gossips

දකුණේ උණ නිසා, මාතර පෙර පාසල් තවත් සතියකට වැසේ

දකුණු පළාතේ පැතිර යන වෛරස් උණ රෝගය හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ පෙර පාසල් ලබන 10 වන දා දක්වා තවත් දින 5ක කාලයක් වසා තැබීමට තීරණය කළ බව මාතර දිස්ත්‍රික්කයේ පෙර පාසල් සංවර්ධන සංගමය පවසනවා.
මීට පෙර දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය ඊයේ දිනය දක්වා පෙර පාසල් වසා තැබීමටයි තීරණය කර තිබුණේ.
කෙසේ වෙතත්, ආරක්ෂිත පියවරක් ලෙස තවත් දින 5ක කාලයක් තම දිස්ත්‍රික්කයේ පෙර පාසල් වසා තැබීමට තීරණය කළ බව එම සංගමයේ ලේකම් ප්‍රින්සි තමාරා මනෝරි ඊයේ පැවති මාධ්‍ය හමවුකට එක්වෙමින් තීරණය කළේ.
ශ්‍රී ලංකා වෛද්‍ය පර්යේෂණ ආයතනය විසින් සිදුකරන ලද පරීක්ෂණවලින් දැනට අනාවරණ වී ඇත්තේ ඉන්ෆ්ලූවෙන්සා ඒ, වෛරසය පැතිර යාම නිසා මෙම රෝගී තත්ත්වය ඇති වී ඇති බවයි.
දැනට දකුණු පළාතේ මෙම වෛරස් උණ වැලදීමෙන් කුඩා ළමයින් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.