දකුණු පළාත තුළ පැතිර යන වෛරස් උණ රෝගයට හේතුව ඉන්ෆ්ලූවෙන්සා ඒ, වෛරසය බවට ශ්‍රී ලංකා වෛද්‍ය පර්යේෂණ ආයතනය විසින් සිදුකළ පරීක්ෂණවලදී තහවුරු කරගෙන තිබෙනවා.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් වසංගත රෝග විද්‍යා අංශයේ වෛද්‍ය ජූඩ් ජයමහ මේ බව කියා සිටියා.
දැනට දකුණු පළාතේ පැතිර ගිය උණ රෝගය හේතුවෙන් කුඩා ළමයින් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
කෙසේ වෙතත්, උණ රෝගය වැළඳී ඇති රෝගීන්ගේ අඩුවක් දකුණ පළාත තුළ මේ වන විට දක්නට ලැබෙන බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ එම මාධ්‍ය හමුවට එක්වෙමින් ප්‍රකාශ කළේ.
කෙසේ වෙතත්, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම්, වෛද්‍ය හරිත අලූත්ගේ කොළඹ අද පැවැති මාධ්‍ය හමුවකදී කියා සිටියේ මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය බලධාරීන් මේ වන තෙක් නිසි ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවයි.
