දකුණු පළාත පුරා පැතිර යන උණ රෝගයේ අවදානම් තත්ත්වය මේ වන විට අඩුවෙමින් පවතින බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.
මැයි මස 1 වනදා සිට පෙරේදා දක්වා කාලය තුළදී මෙම ඉන්ෆ්ලූවෙන්සා සහ ඇඩිනෝ වෛරසය වැළඳීමෙන් දරුවන් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, උණ රෝගය හේතුවෙන් උඩුගම, මොරවක, ගාල්ල, මාතර, මුලටියන, අකුරැස්ස, තංගල්ල, වලස්මුල්ල යන අධ්‍යාපන කලාප 08ට අයත් පාසල්වල ප්‍රාථමික අංශ සඳහා අද දිනයේදී නිවාඩු ලබාදී තිබෙනවා.
එසේම දකුණු පළාතේ වසා දැමුණු පෙර පාසල් යළි විවෘත වන්නේ ලබන මස 4 වනදායි.
