Gossips

දකුණේ අතුරු සම්මත ගිණුම සම්මතයි

දකුණු පළාත් සභාවේ ඉදිරි වසරේ මාස 4 ක් සඳහා වූ රුපියල් කෝටි 1198 කට අධික අතුරු සම්මත ගිණුම ඡන්ද 28 කින් අද සම්මත වුණා.
මෙම අතුරු සම්මත ගිණුම පළාත් සභාවට ඉදිරිපත් කරනු ලැබුවේ ප්‍රධාන අමාත්‍ය ශාන් විජේලාල් ද සිල්වා විසින්.
එහිදී ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරයෙකු වන නලින් හේවගේ ඊට විරෝධය පළ කර ඇති බවයි වාර්තාවන්නේ.
එම අවස්ථාවේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් අදහස් දැක්වීමත් සමඟ සභාවේ උණුසුම් තත්ත්වයක්ද ඇතිවුණා.
මේ අතර එක්සත් ජාතික පක්ෂයට බලය හිමි මහනුවර – කඩවත් සතර සහ ගඟවට කෝරලයේ ප්‍රාදේශීය සභාවේ ලබන වසර සඳහා වූ අයවැය අද වැඩි ඡන්ද දෙකකින් පරාජයට පත්වුණා.
එහිදී අයවැයට පක්ෂව එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් 9 දෙනා ඡන්දය ප්‍රකාශ කළ අතර, විපක්ෂව පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් 11 දෙනා ඡන්දය භාවිත කර තිබුණා.