Gossips

දකුණු මුහුදෙන් ඇල්ලූ හෙරොයින් රැගෙන ආ යාත්‍රාව, මධුෂ්ට අයත් බවට හෙළිවේ

දකුණු මුහුදේ දී ඒකාබද්ධ මෙහෙයුමකින් පසු අද අලූයම අත්අඩංගුවට ගත් රුපියල් කෝටි 120 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 107 ගෙනවිත් ඇත්තේ දැනට ඩුබායි හි අත්අඩංගුවේ පසුවන මාකඳුරේ මධුෂ් මීට පෙර මෙරටට මත්ද්‍රව්‍ය රැගෙන ඒමට යොදාගෙන ඇති යාත්‍රාවේ බවට අනාවරණ වී තිබෙනවා.
අත්අඩංගුවට ගත් ඉරාන යාත්‍රාව අද පස්වරුවේ කොළඹ වරායේ නාවික හමුදා ජැටිය වෙත ගෙන එනු ලැබුවා.
නාවික හමුදාවේ සහය ඇතිව පොලිස් විශේෂ කාර්ය බලකාය සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය දකුණු මුහුදේ දී අත්අඩංගුවට ගත් යාත්‍රාවේ ඉරාන ජාතිකයින් 9 දෙනෙකු ද සිටින අතර, ඔවුන් ජාත්‍යන්තර මත්කුඩු සැපයුම්කරුවන් බවට ද අනාවරණ වී තිබෙනවා.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ අද පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර කියා සිටියේ මෙලෙස වැටලීම් වලට එක්වන නිලධාරීන්ට ත්‍යාග ලබාදීමට කටයුතු කරන බවයි.