Gossips

දකුණු පැසිෆික් සාගරයේ භූ කම්පනයක්

දකුණු පැසිෆික් සාගරයේ පිහිටි කැලිඩෝනියා දූපත ආශ්‍රිත මුහුදු කලාපයේ රික්ටර් මාපකයේ 7.1 ක ප්‍රබල භූකම්පනයක් සිදුව තිබෙනවා.
මේ හේතුවෙන් කැලිඩෝනියා, වනවාටු, ෆීජි දූපත්, පැපුවා නිව්ගිනියා, ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තයේ වෙරළ කලාපවලට සුනාමි අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර ඇති බවයි ඇමරිකානු භූ විද්‍යා කාර්යාංශය සඳහන් කළේ.
භූ කම්පනය මුහුදු පත්ලේ සිට කිලෝමීටර 10 ක් ගැඹුරින් සිදුවී ඇති අතර, මාස දෙකක කාලයක සිට පැසිෆික් කලාපය ආශ්‍රිතව සිදුවන භූ කම්පනවල ඉහළ යාමක් දක්නට ලැබෙන බවයි භූ විද්‍යාඥයින් ප්‍රකාශ කර ඇත්තේ.