Gossips

දකුණු පළාතේ වෛරස් උණ පාලනය වෙයි

දකුණු පළාතේ පැතිර යන වෛරස් උණ පිළිබදව වෛද්‍ය පර්යේෂණ ආයතනය සිදුකළ පරීක්ෂණවල දී පුද්ගලයන් විසි දෙදෙනෙකුට ඉන්ෆ්ලූවෙන්සා සහ ඇඩිනෝ වෛරස වැළදී ඇති බවට අනාවරණ වී තිබෙනවා.
කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරුණු රෝගීන් 67 දෙනෙකුගේ රුධිර සහ සෙම සාම්පල් වෛද්‍ය පර්යේෂණ ආයතනය වෙත මීට පෙර යොමුකර තිබුණා.
දකුණු පළාතේ වෛරස් රෝගය හේතුවෙන් දරුවන් 11 දෙනෙකු ඇතුළු 13 දෙනෙකු දැනටමත් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
මේ අතර, වෛරස් උණ සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ ප්‍රධානීන්ගේ මැදිහත්වීමෙන් විශේෂ සාකච්ඡාවක් අද (21) කරාපිටිය ශික්ෂණ රෝහලේ පැවැත්වීමට නියමිතයි.
රෝහල් අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජයම්පති සේනානායක හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී කියා සිටියේ තවමත් එම වෛරසය වැලදුණු බවට සැක කෙරෙන රෝගීන් 79 දෙනෙකු රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවයි.