Gossips

දකුණු පළාත් සභා මන්ත්‍රී ක්‍රිශාන්ත පුෂ්පකුමාර අත්අඩංගුවට

දැරියකට අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට දකුණු පළාත් සභා මන්ත්‍රී ක්‍රිශාන්ත පුෂ්පකුමාර හෙවත් රත්තරං පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ මන්ත්‍රීවරයා අද (28) පෙරවරුවේ නීතීඥවරයෙකු මාර්ගයෙන් අක්මීමන පොලීසියට පැමිණ භාරවීමෙන් අනතුරුව මෙලෙස අත්අඩංගුවට ගත් බවයි.
පසුගිය 26 වනදා 16 හැවිරිදි දැරියකට අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අදාළව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකළ බවද මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළා.