පෞද්ගලික බස් රථ රියදුරෙකුට පහරදීමේ සිද්ධියකට ඊයේ අත්අඩංගුවට ගත් දකුණු පළාත් සභා මන්ත්රී එම්.කේ. කසුන් සහ ඔහුගේ බිරිද ලබන 13 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. 
ඒ ඔවුන් අද කඩුවෙල මහේස්ත්රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. 
ඊයේ බත්තරමුල්ල – කොස්වත්ත ප්රදේශයේදී අදාළ මන්ත්රීවරයා සහ ඔහුගේ බිරිද ගිනිඅවියක් ද අතැතිව බස් රථ රියදුරාට පහරදෙන ආකාරය පුද්ගලයෙකු  ජංගම දුරකථනයකින් පටිගත කර තිබුණා. 
සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් ඔවුන් සතුව තිබී ජීව උණ්ඩ 5 ක් ද පොලිස් භාරයට ගැණුනා.



