දකුණු පළාතේ මේ දිනවල පැතිර යන වෛරස් උණ රෝගය හේතුවෙන් පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය දෙමව්පියන් වෙත විශේෂ දැනුම් දීමක් සිදුකර තිබෙනවා.
උණ සහ සෙම්ප්‍රතිශ්‍යාව පවතින්නේ නම්, දරුවන් පාසල් එවීමෙන් වළකින ලෙසයි අධ්‍යාපන බලධාරීන් දෙමව්පියන්ට දැනුම් දුන්නේ.
පැතිර යන උණ තත්ත්වය සම්බන්ධයෙන් සොයා බැලීමට වසංගත රෝග විද්‍යා ඒකකයේ කණ්ඩායමක් හෙට එම ප්‍රදේශයේ ස්ථානීය පරීක්ෂාවක් සිදුකිරීමට ද නියමිතයි.
