Gossips

දකුණු පලාතේ ඇඩිනෝ වෛරසය ගැනත් පරික්ෂණ

ඉන්ෆ්ලූවෙන්සා වෛරස් තත්ත්වයට අමතරව ඇඩිනෝ වෛරසය තවදුරටත් දකුණු පළාත තුළ ව්‍යාප්ත වෙමින් පවතිනවා ද යන්න පිළිබදව මේ වන විට පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
මේ අතර, දකුණු පළාතේ මේ දිනවල පැතිර යන වෛරස් උණ රෝගය හේතුවෙන් තම දරුවන් උණ සහ සෙම්ප්‍රතිශ්‍යාව පවතින්නේ නම් පාසල් එවීමෙන් වලකින්නැයි දකුණු පලාත් අධ්‍යාපන අමාත්‍යාංශය දෙමාපියන්ගෙන් ඉල්ලිමක් කළා.
එමෙන්ම පැතිර යන උණ තත්ත්වය සම්බන්ධයෙන් සොයා බැලිම සදහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකයේ විද්‍යාඥයින් කණ්ඩායමක් අද දිනයේ එම ප්‍රදේශවල ස්ථානීය පරීක්ෂණයක් සඳහා පිටත්ව යාමට නියමිතයි.
දකුණු පළාතේ මේ දිනවල පැතිර යන වෛරස් රෝගයෙන් දරුවන් 11 දෙනෙකු ඇතුළු 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
කෙසේ වෙතත්, දැනට කරාපිටිය රෝහලට පැමිණෙන රෝගීන්ගේ තත්ත්වය අඩු වී ඇති බවයි කරාපිටිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජයම්පති සේනානායක හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ.