Gossips

දකුණු කොරියාව සුකීට දුන් නම්බු නාමය ඉවත් කර ගනී

මියන්මාර නායිකා අවුන්සාන් සුකීට ලබාදුන් ග්වන්ගු හියුමන් අවෝඩ්ස් නමැති ගෞරව නාමය ඉවත් කර ගැනීමට දකුණු කොරියානු රජය තීරණය කර තිබෙනවා.
ඒ රොහින්ග්‍යා සරණාගතයන්ට සිදුකරන ලද තාඩන පීඩන සම්බන්ධයෙන් සුකී නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම හේතුවෙන්.
මෙම චෝදනාවම එල්ල කරමින් ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය ද සුකීට ලබාදුන් ගෞරව නාමයක් මීට පෙර ඉවත් කර ඇති අතර, කැනඩාව ඇයට ලබාදුන් පුරවැසිභාවය ද ඉවත් කර ගනු ලැබුවා.
එමෙන්ම, ඇමරිකානු උප ජනාධිපති මයික් පෙන්ස් අවුන්සාන් සුකී දැඩි විවේචනයට ලක් කර තිබූ අතර, මලයාසියානු අග්‍රාමාත්‍ය මහතීර් මොහොමඞ්ගේ දෝෂ දර්ශනයට ද ඇය ලක් වුණා.