Gossips

දකුණු කොරියාව සහ ඇමරිකාව අතර ඒකාබද්ධ යුද අභ්‍යාස අත්හිටුවීමේ තීරණයක්

දකුණු කොරියාව සහ ඇමරිකා එක්සත් ජනපදය අතර වාර්ෂිකව පැවැත්වෙන ඒකාබද්ධ යුද අභ්‍යාසය තවදුරටත් අත්හිටුවීමට දෙරට අතර එකඟත්වයක් ඇතිවී තිබෙනවා.
ඒ, උතුරු කොරියාව සමඟ සම්බන්ධතා වැඩිදියුණු වීම හේතුවෙන්.
ජනපති ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොං අන් අතර වියට්නාමයේ පැවති සමුළුව අවසන් වූයේ එකඟත්වයකින් තොරවයි.
එහෙත් එහිදී තවදුරටත් සාකච්ඡා කිරීමට දෙපාර්ශවයෙන්ම අදහස් පළවුණා.
දකුනු කොරියාව සමඟ පවත්වන ඒකාබද්ධ යුද අභ්‍යාසය අත්හිටුවීමේ තීරණයද ප්‍රකාශයට පත්වී ඇත්තේ වියට්නාම් සමුළුවේ ප්‍රතිඵලයක් ලෙසයි.