දකුණු කොරියාව සමඟ අද (16) පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡාව උතුරු කොරියාව අත්හිටුවා තිබෙනවා.
ඒ, ඇමරිකාව සමඟ දකුණු කොරියාව යුද අභ්‍යාසයක නිරතවීම හේතුවෙන්.
මෙම තත්ත්වය මත ලබන මස 12 වන දා ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ පැවැත්වෙන සාකච්ඡාවලට සහභාගි නොවන බව ද උතුරු කොරියානු නායක කිම් ජොං අන් අනතුරු අඟවා තිබෙනවා.