Gossips

දකුණු කොරියාව ශබ්ද විකාශණ යන්ත්‍ර නිවා දමයි

උතුරු කොරියාවට දෙසට මුහුණලා සවිකර ඇති ශබ්ද විකාශණ යන්ත්‍ර මගින් සිදුකරන ප්‍රචාරක කටයුතු දකුණු කොරියාව අත්හිටුවා තිබෙනවා.
ලබන සතියේ දෙරට අතර ආරම්භ වීමට නියමිත ඉහළ පෙළේ සාකච්ඡා හේතුවෙන් දකුණු කොරියාව මෙම තීරණය ගෙන ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
දෙරට විසින් එකිනෙකාට විරුද්ධ ප්‍රචාරක කටයුතු මෙම ශබ්ද විකාශණ යන්ත්‍ර හරහා සිදුකරනවා.
කෙසේ වෙතත් මෙම දේශසීමාවේ සවිකර තිබෙන තම ශබ්ද විකාශණ යන්ත්‍ර අක්‍රිය කිරිමට උතුරු කොරියානු රජය මෙතෙක් තීරණයක් ගෙන නැහැ.