දකුණු කොරියාවේ හිටපු ජනපති ලී මියුන් බක් ට එරට අධිකරණය මගින් වසර 15 ක සිරදඬුවම් නියම කර තිබෙනවා.
ඒ 2008 සිට 2013 දක්වා ඔහු දකුණු කොරියාව පාලනය කරන සමයේ අල්ලස් ලබා ගැනීමේ චෝදනා මතයි.
හිටපු ජනාධිපතිවරයා දකුණු කොරියාවේ ප්රධාන පෙලේ ව්යාපාරික ආයතනවලින් ඩොලර් මිලියන ගණනක අල්ලස් ලබා ගෙන ඇති බව අධිකරණයේදී තහවුරු වුණා.
ඒ අනුවයි සෝල් අධිකරණය මගින් ඔහුට මෙලෙස සිරදඬුවම් නියම කර ඇත්තේ.
ලී මියුන් බක් මෑත කාලයේදී මෙලෙස සිරදඬුවම් නියම වූ 4 වන දකුණු කොරියානු රාජ්ය නායකයායි.