Gossips

දකුණු කොරියාවේ ලැව් ගිනි

දකුණු කොරියාවේ නැගෙනහිර ගන්වොන් ප්‍රාන්තයේ වෙරළාසන්නව පැතිරුණු ලැව් ගිනි හේතුවෙන් එක් පුද්ගලයෙකු මිය ගොස් 4000කට අධික පිරිසක් නිවෙස්වලින් පළා ගොස් තිබෙනවා.
සොක්චො නිවාඩු නිකේතන නගරයේ අක්කර 950කට අධික ප්‍රදේශයක් ලැව් ගින්නෙන් විනාශ වී ඇති අතර නිවාස 310කට, ගබඩාවලට සහ අනෙකුත් ගොඩනැගිලිවලට ද ඉන් දැඩි හානි සිදුව ඇති බව සඳහන්.
පුද්ගලයන් 4230 දෙනෙකු ක්‍රීඩාගාර සහ පාසල් වෙත ඉවත් කරගෙන ඇති අතර අද දිනයේ එහි පාසල් 52ක් ද වසා දමා ඇති බව විදෙස් වාර්තා සදහන් කළා.
ගින්න නිවීම සඳහා ජනාධිපති මූන් ජේ – ඉන්ගේ නියමයෙන් හෙලිකොප්ටර් 45ක්, ගිනි නිවන රථ 77ක් සහ ගිනි නිවන භටයන් 13,000ක් යොදවා ඇති බව යොන්හැප් ප්‍රවෘත්ති සේවය සදහන් කළා.