Gossips

දකුණු කොරියාවේ මහා පරිමාණ යුද අභ්‍යාස අවසන්

දකුණු කොරියාව සහ ඇමරිකා එක්සත් ජනපදය වාර්ෂිකව පවත්වන දැවැන්ත යුද අභ්‍යාසය අවසන් කරන බව දෙරටම අද සනාථ කළා.
ඒ, උතුරු කොරියාවට ඔවුන්ගේ න්‍යෂ්ටික වැඩසටහන මුළුමනින්ම අත්හැර දැමීම සඳහා දිරිගැන්වීමේ අරමුණින්.
ඇමරිකානු භටයන් 30,000 ක් පමණ දකුණු කොරියානු සෙබළුන් සමඟ එක්වන මෙම වාර්ෂික යුද අභ්‍යාසය උතුරු කොරියාව හඳුන්වන්නේ ප්‍රකෝපකාරී ආක්‍රමණික පියවරක් ලෙසයි.
කෙසේ නමුත් දකුණු කොරියාවේ සිටින ඇමරිකානු භට පිරිස් කඩිනමින් ඉවත් කරගැනීමේ අදහසක් නොමැති බවයි ජනපති ට්‍රම්ප් ප්‍රකාශ කළේ.