ශ්‍රී ලංකාවේ ප්‍රථම බහුකාර්ය ධීවර වරාය හතරෙහි ඉදිකිරීම් ලබන වසරේ ආරම්භ කිරීම සඳහා දකුණු කොරියාව එකඟතාව පළකර තිබෙනවා.
මෙම ධීවර වරායන් ඉදිවන්නේ උඩුප්පුව, ඩෙල්ෆ්ට්, මාදගල් සහ චලෙයි යන ප්‍රදේශවලයි.
ඒ පිළිබඳව ශක්‍යතා අධ්‍යයනයක් මේ වනවිටත් සිදුකර ඇති අතර, ඊට අවම පොලියක් යටතේ දකුණු කොරියාව විසින් ණය පහසුකම් සැලසීමට නියමිතයි.