වියට්නාමයේ හැනොයි නුවර පැවැත්වෙන ආසියාන් සමුළුවට සහභාගි වී සිටින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ දකුණු කොරියානු විදේශ ඇමතිනි කං ක්යුං වා අතර හමුවක් සිදු වුණා.
ඊයේ පස්වරුවේ මෙම හමුව සිදුව ඇති අතර, එහිදී දකුණු කොරියානු කර්මාන්ත හා ව්‍යාපාර අංශයේ තාක්ෂණය සහ නව අත්දැකීම් ශ්‍රී ලංකාව සමඟ හුවමාරු කරගැනීමට එකඟතාව පළවී තිබෙනවා.
දකුණු කොරියානු කර්මාන්ත කලාපයක් මෙරට පිහිටුවීම කෙරෙහිද මෙහිදී සාකච්ඡා වූ බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.
ඉන්දීය සාගර කලාපයේ සාමය හා නිදහස් නාවික ගමනාගමනය සුරක්ෂිත කරලීම උදෙසා ශ්‍රී ලංකාවේ උත්සාහයන් මෙහිදී දකුණු කොරියානු විදේශ ඇමතිනියගේ ඇගයීමට ලක්වුණා.
එම උත්සාහයන් තම රට තුළ පවතින ගැටළු විසඳා ගැනීමටද අනුගමනය කරන බවයි ඇය ප්‍රකාශ කර ඇත්තේ.