Gossips

දකුණු කොරියානු නියෝජිත කණ්ඩායමක් උතුරට

උතුරු කොරියාවේ මිසයිල වැඩසටහන සම්බන්ධයෙන් සාකච්ඡා යළිත් ආරම්භ කිරීමේ අරමුණින් දකුණු කොරියානු නියෝජිත පිරිසක් අද (05) උතුරු කොරියාව බලා නික්මුණා.
ඔවුන් උතුරු කොරියාව සහ ඇමරිකා එක්සත් ජනපදය අතර සාකච්ඡා සම්බන්ධීකරණය සඳහා උත්සාහයක් දරනු ඇති.
උතුරු කොරියාව මෙන්ම ඇමරිකා එක්සත් ජනපදය ද සාකච්ඡා යළි ආරම්භ කිරීමට කැමැත්ත පළ කර තිබෙනවා.
එහෙත් සාකච්ඡාවලට පෙර උතුරු කොරියාව න්‍යෂ්ටික අවිවලින් නිරායුධ විය යුතු බවට ඇමරිකාව ඉදිරිපත් කරන කොන්දේසිය කිම් ජොං අන්ගේ රජය මෙතෙක් පිළිගෙන නැහැ.