Gossips

දකුණු ආසියානු කනිෂ්ඨ මළල ක්‍රීඩා තරගාවලියේදී ශ්‍රී ලංකාවෙන් නව තරග වාර්තාවක්

කොළඹදී අද (05) ආරම්භ වුණු 3 වන දකුණු ආසියානු කනිෂ්ඨ මළල ක්‍රීඩා තරගාවලියේදී මීටර් 100 බාලිකා ඉසව්වෙන් නව තරග වාර්තාවක් ද සමගින් රන් පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ අමාෂා ද සිල්වා සමත් වුණා.
එසේම, උස පැනීමේ බාලක තරග ඉසව්වෙන් තරිදු දසුන් රන් පදක්කම හිමිකර ගත්තා.
මීටර් 400 බාලක ඉසව්වේදී ද තරග වාර්තාවක් සමගින් රන් පදක්කමක් දිනා ගත්තේ ශ්‍රී ලංකාවේ අරුණ දර්ශනයි.
එහි බාලිකා ඉසව්වේ රන් පදක්කම දිල්ෂි කුමාරසිංහ නව තරග වාර්තාවක් සමගින් හිමිකර ගත්තා.
මෙම තරගාවලියේදී ශ්‍රී ලංකාවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සහ උපදේශකවරුන්ට නිසි පහසුකම් සහිත නවාතැන් ලබාදීමට අපොහොසත්වීම නිසා ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් එච්.එම්.බී.පී හේරත් තනතුරෙන් ඉවත් කිරීමටද ක්‍රීඩා අමාත්‍යවරයා පියවර ගත්තා.