මාලදිවයිනේ පැවති දකුණු ආසියානු කණිෂ්ඨ මේස පන්දු තරගාවලියේ අනුශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව තිබෙනවා. 
මෙම තරගාවලියේදී ශ්‍රී ලංකාව රිදී පදක්කම් 06ක් සහ ලෝකඩ පදක්කම් 06ක් දිනා ගත්තා. 
පාකිස්ථානය, නේපාලය, බංග්ලාදේශය සහ මාලදිවයින එක්ව සිටි මෙම තරගාවලියේ ශූරතාව හිමි වූයේ ඉන්දීය කණ්ඩායමටයි.



