Gossips

දකුණු අහස වළාකුලෙන් බරවෙයි – ප්‍රදේශ කිහිපයකට පස්වරුවේ වැසි

අද දිනයේදී දිවයිනේ දකුණු අර්ධයේ අහස වළාකුලින් බරව පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
නැගෙනහිර පළාතේ සහ පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් අද (28) දිනය තුල වැසිවාර කිහිපයක් ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසන්නේ.
සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් මාතර, හම්බන්තොට, කළුතර, කුරුණෑගල සහ අනුරාධපුර දිස්ත්‍රික්කවලත් තැනින් තැන පස්වරු 2.00 පමණ පසුව වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (28) උදෑසන නිකුත්කළ නිවේදනයේ දැක්වෙන්නේ.
සබරගමුව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 50ක පමණ තරමක් තද වැසි ඇති විය හැකි බව දැනුම් දෙනවා.