ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ තුන්වන දිනය අදයි.
ඊයේ දෙවන දිනය නිමාවනවිට දෙවන ඉනිමේ පන්දුවට පහරදෙන ශ්‍රී ලංකා පිල කඩුලූ 3 ක් දැවී ලකුණු 151 ක් ලබා සිටියා.
නැවතත් පිත්තෙන් දස්කම් දැක්වූ දිමුත් කරුණාරත්න නොදැවී ලකුණු 59 ක් රැස් කරගෙන සිටි අතර, ඊට පෙර ධනුෂ්ක ගුණතිලක ලකුණු 61 කට දැවී ගියා.
ශ්‍රී ලංකා පිල මෙම තරගයේ මුල් ඉනිමේදී ලකුණු 338 ක් රැස් කළ අතර, දකුණු අප්‍රිකාව මුල් ඉනිම සඳහා ලබාගත්තේ ලකුණු 124 ක් පමණයි.
මේ අනුව ශ්‍රී ලංකා පිල දෙවන ඉනිමේ කඩුලූ 7 ක් අතැතිව ලකුණු 365 ක් ඉදිරියෙන් සිටිනවා.
