ශ්‍රී ලංකාවට එරෙහි දෙවන එක්දින තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව පන්දු වාර 45 යි එක් පන්දුවක් අවසානයේ සියල්ලන් දැවී ලබාගත් ලකුණු සංඛ්‍යාව 251ක්.
කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහරදීමට දකුනු අප්‍රිකාවට ආරාධනය කළා,
එහිදී දකුණු අප්‍රිකා කණ්ඩායමේ අවසන් කඩුලු 6 ලකුණු 31 කට දැවී යාම විශේෂත්වයක්.
දකුණු අප්‍රිකාව වෙනුවෙන් සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ ක්වින්ටන් ඩී කොක් ලකුණු 94 කට තිසරගේ පන්දුවක් හමුවේ දැවී යාමත් සමඟ ශ්‍රී ලංකා කණ්ඩායම වෙත වාසිය ඇදී ආවා.
කැපී පෙනෙන ඉනිමක් ක්‍රීඩා කරමින් පෆ් ඩූ ප්ලේසිස් ලකුණු 57 ක් රැස්කරගත්තා.
පන්දු යැවීමේදී දකුණු අප්‍රිකාවේ පාලනය සියතට ගැනීමට සමත්වූ සුපිරි පන්දු යැවීමක නිරතවූ තිසර පෙරේරා කඩුලු 3 ක් දවාගත්තා.
ලසිත් මාලිංග සහ ධනංජය ද සිල්වා කඩුලු දෙක බැගින් දවාගත්තා.
