Gossips

දකුණු අප්‍රිකාව 222කට සීමා වෙයි

ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකාව අතර අද ආරම්භ වූ දෙවන ටෙස්ට් තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව ලකුණු 222 කට සියලුදෙනා දැවී ගියා.
එහිදී තරඟය ආරම්භයේදීම විශ්ව ප්‍රනාන්දුගේ ආක්‍රමණශීලි පන්දු යැවීම හමුවේ දකුණු අප්‍රිකාවේ දැවැන්තයන් නැවත ක්‍රීඩාගාරයට හැරී ගියා.
එක් අවස්ථාවක ඔහුගේ පන්දු ද්විත්වයක් තුළ කඩුලු දෙකක් දවාගනිමින් දකුණු අප්‍රිකානු පිතිකරණ බලඇණියට දැඩි පීඩනයක් එල්ලකිරීමට සමත්වුනා.
තරඟය පුරාම සිය ආක්‍රමණශීලි පන්දු යැවීමේ රිද්මය රඳවාගත් විශ්ව කඩුලු 3 ක් දවාගත්තා.
ඔහුට අගනා සහයක් ලබාදෙමින් කසුන් රාජිත පන්දුවාර 15 ක් ඇතුලත කඩුලු 3 ක් දවාගැනීමට සමත්වනවා.
ධනංජය ද සිල්වා කඩුලු 2 ක් දවාගැනීමට සමත් වූ අතර දිමුත් කරුණාරත්න එක් කඩුල්ලක් දවගනිමින් දකුණු අප්‍රිකා ඉනිම අඩපණ කළා.