Gossips

දකුණු අප්‍රිකාව සමඟ අවසන් එක්දින තරගය අදයි

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පස්වන සහ අවසන් එක්දින තරගය දිවා – රාත්‍රි තරගයක් ලෙසින් කොළඹ, ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද පැවැත්වෙනවා.
3 ට 1 ක් ලෙස මේ වනවිටත් තරගාවලිය ජය ගෙන ඉදිරියෙන් සිටින්නේ දකුණු අප්‍රිකාවයි.
කෙසේ නමුත් අද තරගය ක්‍රිකට් ලෝක කුසලානය සඳහා සුදානම්වීමට ශ්‍රී ලංකාවට සහ දකුණු අප්‍රිකාවට හිමිවන තවත් අවස්ථාවක් ලෙසයි ක්‍රීඩා විචාරකයන් පෙන්වා දෙන්නේ.
අද තරගය සඳහා ළහිරු කුමාර වෙනුවට කසුන් රාජිත කණ්ඩායමට එක්කරනු ඇතැයි අපේක්ෂා කරනවා.