Gossips

දකුණු අප්‍රිකාව ටෙස්ට් දර්ශකයේ පහළට

ශ්‍රී ලංකාව වෙතින් පූර්ණ ටෙස්ට් තරගාවලි පරාජයකට පත්වූ දකුණු අප්‍රිකාව අයි.සී.සී. ටෙස්ට් කණ්ඩායම් දර්ශකයේ තුන්වන ස්ථානය දක්වා පහත වැටී තිබෙනවා.
තරගාවලියට දකුණු අප්‍රිකාව පිවිසුණේ ප්‍රසාද ලකුණු 110 ක් සමඟ කණ්ඩායම් දර්ශකයේ ඉන්දියාවට පමණක් දෙවැනි වෙමින් වුවද, ශ්‍රී ලංකාවෙන් ලද පරාජය නිසා එම ප්‍රසාද ලකුණු සංඛ්‍යාව දැන් සටහන් වන්නේ 105 ක් ලෙසයි.
මේ අනුව නවසීලන්තය දෙවන ස්ථානය හිමිකරගෙන ඇති අතර, 4 වන ස්ථානය ඕස්ට්‍රේලියාවටත්, පස්වන ස්ථානය එංගලන්තයටත් හිමිව තිබෙනවා.
තරගාවලිය ජයග්‍රහණය කිරීම නිසා ශ්‍රී ලංකාවේ ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 89 සිට 93 දක්වා ඉහළ ගියද ශ්‍රී ලංකාව තවදුරටත් පසුවන්නේ ටෙස්ට් කණ්ඩායම් දර්ශකයේ 6 වන ස්ථානයේයි.