Gossips

දකුණු අප්‍රිකාවේ ප්‍රබල පිතිකරු අද තරඟයට නොඑන්න තීරණය කරයි

ශ්‍රී ලංකාව සමඟ අද පැවැත්වෙන හතරවන එක්දින තරගයට දකුණු අප්‍රිකානු කණ්ඩායමේ පිතිකරු හෂීම් අම්ලා ක්‍රිඩා නොකරන බව වාර්තා වනවා.
සිය පියාගේ අසනීප තත්ත්වයක් හේතුවෙන් ඔහු, හදිසියේ නිවාඩු ලබා ගැනීම ඊට හේතුවයි.
පෝට් එලිසබෙත් හිදී දිවා – රාත්‍රි තරගයක් ලෙස පැවැත්වෙන මෙම තරඟය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 4.30 ට ආරම්භ වීමට නියමිතයි.
මේ අතර, ශ්‍රී ලංකා පිලේ උපුල් තරංග ආරම්භක පිතිකරු ලෙස අද තරඟයේදී ක්‍රීඩා කරනු ඇති බවද වාර්තා වනවා.rn