Gossips

දකුණු අප්‍රිකාවේ අමාත්‍ය මණ්ඩල සංශෝධනයක්

දකුණු අප්‍රිකාවේ නව ජනාධිපති සිරිල් රමෆෝසා විසින් කැපී පෙනෙන අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ඒ අනුව හිටපු ජනාධිපති ජේකොබ් සූමා විසින් බලයෙන් පහ කළ නලනහ්ලා නෙනේට යළි මුදල් අමාත්‍ය ධුරය හිමිවීම විශේෂත්වයක්.
කෙසේ නමුත්, ජේකොබ් සූමාට දූෂණ චෝදනා මත ජනාධිපති ධුරයෙන් ඉවත්වීමට සිදුවුණා.
නව ජනපති රමෆෝසා කියා සිටියේ දූෂණය මැඬලා රටට නව යුගයක් උදා කරන බවයි.
ඔහුගේ අමාත්‍ය මණ්ඩල සංශෝධනයට අනුව අප්‍රිකානු ජාතික කොංග්‍රසයේ නියෝජ්‍ය සභාපති ඩේවිඞ් මබූසා උප ජනාධිපති ධුරයට නම් කර තිබෙනවා.