සංචාරක දකුණු අප්‍රිකානු පිල සහ ශ්‍රී ලංකාව අතර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ පැවති තුන්වන එක්දින තරඟය ලකුණු 78කින් ජය ගන්නට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත් වුණා.
ඒ අනුව තරඟ 05කින් සමන්විත එක්දින තරඟාවලිය තරඟ තුනට බිංදුවක් ලෙස දකුණු අප්‍රිකාව මේ වන විට ජයගෙන සිටිනවා.
කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් පළමුවෙන් පන්දුවට පහර දෙන ලෙස දකුණු අප්‍රිකාවට ආරාධනා කළා.
ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුල කඩුලු 07කට ලකුණු 363ක් රැස් කිරීමට සමත් වුණා.
එහිදී රීසා හෙන්ඩ්රික්ස් ලකුණු 102ක් රැස්කළ අතර වේගවත් ලකුණු 92ක් රැස් කළ ජේ.පී. ඩුමිනි දකුණු අප්‍රිකානු ඉනිම ශක්තිමත් කළා.
හෂීම් අම්ලා ලකුණු 59ක් රැස් කළ අතර ඩේවිඩ් මිලර් රැස්කළ ලකුණු සංඛ්‍යාව 51ක්.
පන්දු යැවීමේදී තිසර පෙරේරා කඩුලු 04ක් බිඳ දැමු අතර ළහිරු කුමාර කඩුලු 02ක් බිඳ දැමුවා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 45යි පන්දු 02කදී සියල්ලන් දැවී රැස් කර ගත හැකිවුයේ ලකුණු 285ක් පමණයි.
එහිදී ශ්‍රී ලංකාව වෙනුවෙන් සටන්කාමි ඉනිමක් ක්‍රීඩා කළ ධනංජය ද සිල්වා පන්දු 66කදී ලකුණු 84ක් රැස් කළා.
කෙසේ වෙතත් ශ්‍රී ලංකා ජයග්‍රහණය වෙනුවෙන් ධනංජයගේ ඉනිම ප්‍රමාණවත් නොවූ අතර ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරා රැගෙන යන්නට උත්සහා දැරූ අකිල ධනංජය ලකුණු 37ක් රැස් කිරීමට සමත් වුණා.
පන්දු යැවීමේදී ලුන්ගි නිගී ශ්‍රී ලංකා කඩුලු 04ක් බිඳ දැමූවා.
