Gossips

දකුණු අප්‍රිකාවට ලකුණු 307 ක ඉලක්කයක්

ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන හතරවන එක්දින ක්‍රිකට් තරගය ජය ගැනීමට දකුණු අප්‍රිකා කණ්ඩායමට ලකුණු 307ක ඉලක්කයක් හිමිවී තිබෙනවා.
පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරගයට අද වර්ෂාවෙන් අවස්ථා කිහිපයකදීම බාධා එල්ලවුනා.
මේ හේතුවෙන් එක් කණ්ඩායමකට පන්දුවාර 39 ක් ලබාදී තරගය පවත්වාගෙන යාමටයි තීරණය කෙරුනේ.
කාසියේ වාසිය දිනු දකුණු අප්‍රිකා කණ්ඩායමේ ආරාධනය මත පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 39 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 306 ක් ලබාගත්තා.
දසුන් ශානක වේගවත් ලකුණු 65 ක් ලබාගත්තේ පන්දු 34 කින්. හයේ පහර 5 ක් සහ හතරේ පහර 4 ක් ඊට ඇතුලත්.
එය ඔහුගේ පළමු එක්දින අර්ධ ශතකයයි.
කුසල් පෙරේරා ලකුණු 51 යි.
උපුල් තරංග ලකුණු 36 ක් නිරෝෂන් දික්වැල්ල ලකුණු 34 ක් රැස් කළා.
තිසර පෙරේරා නොදැවී 51ක් ලබාගත්තා.
පන්දු යැවීමේදී ලුන්ගි නිගිදි සහ ජේ පී ඩුමිනි කඩුලු දෙක බැගින් බිඳහෙලුවා.
දකුණු අප්‍රිකා පිළිතුරු ඉනිම තවත් සුලු වේලාවකින් ආරම්භ වීමට නියමිතයි.