Gossips

දකුණු අප්‍රිකාවට දැවැන්ත ඉලක්කයක්

සංචාරක දකුණු අප්‍රිකාව සහ ශ්‍රී ලංකාව අතර කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ දෙවන ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 05ක් දැවී ලකුණු 275ක් රැස්කරගෙන සිටියදී සිය ඉනිම අත්හිටුවීමට තීරණය කළා.
ශ්‍රී ලංකා දෙවන ඉනිම වෙනුවෙන් දිමුත් කරුණාරත්න ලකුණු 85ක් රැස්කළ අතර ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 71ක් රැස් කිරීමට සමත් වුණා.
ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක රැස්කළ ලකුණු සංඛ්‍යාව 61ක්.
පන්දු යැවීමේදී කේෂව් මහරාජ් ශ්‍රී ලංකා කඩුලු 03ක් බිඳ දැමුවා.
ශ්‍රී ලංකාව පළමු ඉනිමට වෙනුවෙන් සියල්ලන් දැවී ලකුණු 338 ක් රැස් කළ අතර දකුණු අප්‍රිකාව පළමු ඉනිමට රැස්කළ ලකුණු සංඛ්‍යාව 124ක්.
ලකුණු 214ක වාසියක් සමඟින් දෙවන ඉනිම ඇරඹු ශ්‍රී ලංකාව දෙවන ඉනිමට ලකුණු 275ක් රැස්කරගෙන සිටියදී සිය ඉනිම අත්හිටවනු ලැබුවා.
ඒ අනුව දකුණු අප්‍රිකානු කණ්ඩායමට ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 490ක ඉලක්කයක් හිමිව තිබෙනවා.